
The Little Girl & Her Guardian Angle............
මොකුත් ම නොලියා ඉන්න එක හොඳයි කියලා මට හිතුනත් ලියන්න ගොඩාක් දේවල් ඉතුරුවෙලා. අසංකගේ හෝම්කමින් පාටි එක අතරතුර හඳුනන මුහුණු ගොඩාක් තිබුනා. එ'ත් මං එ' එක මුහුණක්වත් කියවන්න උත්සාහ කලේ නෑ. එකට හුඟාක් හේතු තිබුනේ නැතිවුනත් "මිනිසුන්ව කියවන්න උත්සාහ කරන්න එපා" කියලා මගේ හිත මට ම බලකරන්නට වුනා.
මං පුංචි කාලේ සුරංගනා කතා ගොඩාක් කියවලා තියෙනවා. එ'වා අතරින් වැඩි හරියක් මට තේරුනේ ගොඩාක් පහුවෙලා. මොකක් හරි දෙයකින් හිත රිදුන හැම දවසක ම ඇබා සංගීත කණ්ඩායමේ “ I have a dream…” සිංදුව හිතින් මුමුණන්න මම පුරුදු වෙලා හිටියා.
“ I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
තාමත් දවසකට සැරයක් එ' සිංදුව මගේ හිතට එනවා. (මුළු ලෝකයම ආදරය කරපු ඇබා සංගීත කණ්ඩායමත් පස්සේ කාලෙක කෑලි කෑලි වලට කැඩිලා විනාශවුනා . එ' හින්දම මගේ සුරංගනා කතා එකතුවේ ABBA කතාවත් තියෙනවා).
"සුර+අංගනා" කියලා සිංහලෙන් කිව්වට “Angle” කියන ඉංග්‍රීසි වචනයේ තියෙන්නේ "ස්ත්‍රීලිංගික" තේරුමක් විතරක් නෙමෙයි. ශුද්ධවූ බයිබලයේ ඔවුන්ට කියන්නේ "දේව දූතයන්" කියලා.
" එකමත් එක රටක ලස්සන පුංචි ගෑණු ළමයෙක් ජීවත්වුනා. එයාට කවුරුවත් හිටියේ නෑ (ඇත්තම කියනවා නම් එයා එහෙම හිතාගෙන හිටියා). එයා ජීවත්වුනේ හරිම දුකින්. හැමෝටම පේන්නේ එයාගේ වැරදි විතරයි, කවුරුවත් එයාව හරියට තේරුම් ගන්නේ නෑ කියලා එයා හිතුවා.
එහෙම හිතලා හිතලා ගොඩාක් ම ගොඩාක් දුක හිතිච්ච දවසක එයා මුහුදට පැනලා ජීවිතේ නැතිකරගන්න තීරණය කලා. එ'ත් එයා මුහුදට පනින්න හදනකොටම දේවදූතයෙක් එයා ඉස්සරහා පෙනී හිටියා. "ඔයා කවුද?, අඩුම ගානේ මට මැරෙන්නවත් නිදහසක් නැත්ද ?" ගෑණු ළමයා තරහෙන් ඇහුවා. "මම ඔයාගේ රුකවල් දේවදූතයා.. මම තමයි ඔයාව මෙච්චර කාලයක් බලාගත්තේ.. මං හැමදාම ඔයා ලඟින් හිටියා.. එ'ත් ඔයා මාව දැක්කේ නෑ.." දේවදූතයා කිව්වා.
"බොරු කියන්න එපා.. මට කවුරුවත් හිටියේ නෑ.. ජීවිතේ වැඩිකලක් මම හිටියේ තනියෙම ම යි..." පුංචි ගෑණු ළමයා කිව්වේ ගොඩාක් දුකින්.......
දේවදූතයා එයාගේ මායා බලෙන් පුංචි ගෑණු ළමයාව එයාගේ අතීතයට එක්කගෙන ගියා. අතීතයේ වැලිතලාවේ හැම තැනකම අර ගෑණු ළමයගේ අඩි සළකුණු ලඟින් ම දේවදූතයගේ පා සටහන් තිබුනා. "දැන්වත් ඔයා විශ්වාස කරනවද.. ?" දේවදූතයා ඇහුවා. කාලයේ වැලිතලාව හොඳින් පිරික්සූ ගෑණු ළමයා දේවදූතයා අමාරුවේ දාන්න පොටක් හොයාගත්තා.. (ගෑණු ළමයි එහෙම තමයි..! )
" අන්න අර බලන්න.. ඊයේ දවස.. එතැන තියෙන්නේ මගේ පා සළකුණු විතරයි..කෝ ඔයාගේ අඩි සලකුණු... ජීවිතේ මං වැඩියෙන්ම දුක්වුන දවසේ ඔයත් මාව දාලා ගිහින්.. මට මැරෙන්න දෙන්න ගෑණු ළමයා අඬ අඬා කිව්වා.
දේවදූතයා එතකොට මෙහෙම කිව්වා..." ඊයේ ඔයා හිටියේ හරිම දුකින්... එ' නිසා මම දවස තිස්සෙම හිටියේ ඔයාව වඩාගෙන.. කලබල නොවී එ' දිහා ආපහු බලන්න..."
"මෝඩි.... එ' ඔයාගේ අඩි සළකුණු නෙමෙයි... එ' මගේ අඩි සළකුණු......"
I have a dream, a fantasy
To help me through reality
And my destination makes it worth the while
Pushing through the darkness still another mile
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I’ll cross the stream - I have a dream….
chandana_jayakody@yahoo.com

3 comments:
I also like that song..... I do not know how much I love that song.....
Superb machan...
pls remove word verification..
Machan.. I am new to this and I do not know anything much about word verification. Will somebody please help me to do so?
To remove word verification:
Log into your blog->>
Go to the Settings->>
Comments->>
Show word verification for comments?->>
No
I hope this would work..
Post a Comment